Saturday, January 1, 2011

හෘදයාබාධයකට අතවනන ලොකුම සාධකය !!

ඈත අතීතයේ මෙන් නොව අද සමාජයේ සෑම පුද්ගලයකුම පාහේ කිසියම් හෝ රෝගයකින් පෙලෙන කෙනෙකි.බහුතරයක්ම සිය ජීවිතය ගෙවන්නේ බෙහෙත් පාවිච්චි කරමිනි.මෙය දිනෙන් දින වැඩි වීමක් මිස අඩු වීමක් නම් දක්නට නොලැබේ.සීයට සීයක්ම නීරෝගී පුද්ගලයකු සෙවීම අද කලු නික සොයනවාටත් වඩා අපහසු කරුණක් යැයි පැවසීම නිවැරැදිය.මෙලෙස රෝග බොහෝමයක් අද සමාජයට දායාද වී තිබෙන්නේ අද පවතින ආහාර රටාව හා කාර්යාබහුල ජීවන රටාවත් සමගය.නමුත් සමහර රෝග නම් අපට උරුම වන්නේ පරම්පරාවෙනි.අද පවතින ක්ෂනික ආහාර රටාව හා කාර්ය බහුල බවත් සමග අපිට දායාද වුණු රෝගයක් ගැන තමයි අද අපි විෂ්ලේෂනාත්මක විග්‍රහයක් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ,එනම් හෘදයබාධ පිලිබදවයි.හෘදයාබාධ වලට අතවනන මූලිකම හා ප්‍රබලම සාධකය කොලොස්ටරෝල් තත්ත්වයයි.කොලෙස්‌ටරෝල් නැමති තෙල් වර්ගය මොලයේ තැන්පත් වීමෙන් අංශභාගය වැනි භයානක රෝග තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුවේ. අද අපගේ විමසුම බහුල ලෙස පවතින භයානක රෝගී තත්ත්වයක්‌ වන කොලෙස්‌ටරෝල් හෙවත් ධමනිගතව මේදය තැන්පත් වීමේ රෝගය පිළිබඳවයි.සිරුරේ අධික ලෙස මේදය තැන්පත් වීම බොහෝ රෝග වලට මාර්ගය විවෘත කරයි.මේ හැම රෝගයක්ම දම්වැලක් පුරුක් මෙන් එකට එකක් නොකැඩෙන ලෙස තදින් සම්බන්ධ වී තිබේ.ඒවා නම් දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, අධි රුධිර පීඩනය, හෘදයාබාධ,අංශභාගය යන රෝගයි.මේවා එකට අත්වැල් බැඳගත් එකම දම්වැලක පුරුක්‌ ලෙස යාවී පවතින එකම පවුලේ රෝග ලෙස හැඳින්විය හැක. අද සමාජයේ මෙවැනි රෝගීන් බහුල වශයෙන් සිටින බැව් සෞඛ්‍ය සංගණනයන් විමසා බලන කල්හි අපට පෙනේ.ඉහත සදහන් රෝග වලින් අඩුම තරමින් එකකින්වත් හැම දෙනාම පීඩා විදීයි.බහුතරක් දෙනා සිය ජීවිත ගෙවන්නේ බෙහෙත් සමගයි.මෙලෙස මේදය ශරීරගත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අද පවතින ආහාර රටාවයි.තවද සියලු දේ ක්ෂනික වී තිබීමත්ය.කය වෙහෙසා අද අපේ අය කරන දෙයක් නැති තරම්ය.

No comments:

Post a Comment