Saturday, March 5, 2011

18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්

ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කුරුණෑගල ප්රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ . 18 ට අඩු පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ වලට ඇතුළ්වීමට අවශ්ය නම් අධ්යාපනය හදාරන පාසලේ විදුහල් පතිවරයාගෙන් ලබාගත් අවසර පත්රයක් තිබිය යුතුය . පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි . පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර , අසභ්ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්රියාත්මක කරගෙන යයි .

1 comment:

  1. ඉන්ටර්නෙට් කැෆේ ප්රමිතියක් ඇතුව පවත්වගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි .

    ReplyDelete