Wednesday, March 9, 2011

අසැබි වෙබ් අඩවි වලට පැල්පිටගෙන් වැටක්

අසැබි වෙබ් අඩවි වලට පිවිසීම වැලැක්වීම සඳහා විශේෂ මෘදුකාංග හඳුන්වා දීමට ජංගම දුරකතන සමාගම් හා කොළඹ විශ්ව විද්‍යාලය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාව කියයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පවසන්නේ ,මෙම මෘදුකාංග මගින් ළමුන් පිවිසෙන වෙබ් අඩවි පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකියාව ලැබෙන බවත් එමගින් එම අඩවි භාවිතය වැලැක්වීමට අවශ්‍ය පියවර මෘදුකාංගය හරහා ගත හැකි බවයි.

ජංගම දුරකතන වලින් මෙවැනි අඩවි වලට පිවිසීම වැලැක්වීමට අදාල සමාගම් විශේෂ මෘදුකාංග නිපදවමින් සිටින බවත් කොළඹ විශ්ව විද්‍යාලයද මේ හා සමානම මෘදුකාංගයක් නිපදවමින් සිටින බවත් හෙතෙම කීය.

2 comments:

  1. Then they have to block all the tunnels. Its nt easy. New tunnels r coming evry day. So they hv to review day by day.

    ReplyDelete
  2. ඔය පැල්පිටලට වඩා දැන් ඉන්න පොඩි එවුන් ලෝක අණ්ඩයෝ .ඒකා එක සොෆ්ට්වෙයා එකක් දානකොට උන් ඒවගෙන් රිoගල යන්න ක්රම හොයගෙන ඉවරයි .

    ReplyDelete