Monday, March 14, 2011

පොඩි එකාගේ රචනාව 2 - මීයෙක් කතා කරයි

මම මීයෙකි.. මීයා වගේ හිටියට මිනිසාට මගෙන් මාර ප්‍රයෝජන ගොඩාරියක් ඇත. මම මිනිසාට මී පැණි මෙන් ම මී කිරි ද ලබා දෙමි.ඇත්තටම මී පැණි ලබා දීමට අපේ මැස්සන් වන මී මැස්සන් අපට උදව් කරයි.ඒ වගේම මී ඉටි ලබා ගැනීමටද මාව භාවිතා කරනු ලබයි.තවද මී දුම ලබා දෙන්නේ ද මම ය..එහෙත් මී දුම වැඩි වූ විට මර වාතේ යයි කියනු මට අසා ඇත. මී තෙල් යනු මගෙන් ලබා ගන්නා ඉතා වටිනා ඖෂධයකි...මී තෙල් ලබා ගන්නේ මගේ ඇට වන මී ඇට වලිනි..එමෙන්ම මීමින්නා යනු මගේ ම පවුලේ සහෝදර සාමාජිකයෙකි..
මී මුත්තා යන වචනය සෑදී ඇත්තේද අපේ පරපුරේ සම්බන්දයකිනි..ඉස්සර කාලේ මනුස්සයෙක් මීයෙක් සමග දැඩි මිතු දමකින් සිටි නිසා පස්සේ කාලෙක ඔහුට මී මුත්තා කීමෙන් මෙමෙ වචනය පැමිණ ඇත..
එහෙත් මේ කුමන දේ මිනිසුන්ට ලබා දුන්නත් අපේ ම අයගේ මෝඩ වැඩ වලින් අපට වල කැපී ඇත. අපේම එවුන් උනත් එහෙම අයට අපි කියන්නේ මී හරක් කියාය .



~ Sinhala jokes,funny sinhala jokes,sinhala joke stories,සිංහල විහිලු කතා,සිංහල විහිලු,විහිලු

No comments:

Post a Comment